ප්‍රංශ තානාපති රෙමි ලැම්බර්ට් මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් විදේශ කටයුතු අමාත්‍යාංශයේදී අද (19) පැවැත්වූ බව වාර්තාවේ.
ජාත්‍යන්තර කටයුතුවලදී ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් වැඩි කිරීමට ප්‍රංශ රජය ඉතා කැමැත්තෙන් සිටින බව දන්වා සිටි තානාපතිවරයා, ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක කරගෙන යන දුරදර්ශික ක්‍රියාදාමය අගය කළේය.
මෙහිදී අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රංශ තානාපතිවරයා හමුවේ පවසා ඇත්තේ දෙරට අතර ඇති ද්වීපාර්ශ්වික ණය ගිවිසුම ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යය ඉක්මනින් අවසන් කිරීමට අවශ්‍ය බවයි.
එහිදී දෙපාර්ශවයටම වාසිදායක වන අයුරින් මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ප්‍රංශ රජය කැමැත්තෙන් සිටින බවද ප්‍රංශ තානාපති රෙමි ලැම්බර්ට් මහතා අමාත්‍යවරයා හමුවේ පවසා ඇති බව සඳහන්වේ.