Home උණුසුම් පුවත් දේශබන්දු අද විමර්ශන කමිටුව හමුවට

දේශබන්දු අද විමර්ශන කමිටුව හමුවට

දේශබන්දු තෙන්නකෝන් විසින් සිදුකර ඇති බව කියන විෂමාචාර සහ ධූරයේ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයක් කර වාර්තා කිරීමට පත්කළ පරීක්ෂණ කමිටුව අද (19 )සිට පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇති බව වාර්තාවේ.

මෙම කමිටුව පසුගිය සති කිහිපය තුළදී පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස්වී මූලික විමර්ශන සිදු කරනු ලැබූ අතර, ඒ අනුව දේශබන්දු තෙන්නකෝන්ට පරීක්ෂණ කමිටුව හමුවේ පෙනී සිටින ලෙස නොතිසියක් මගින් දැනුම් දී ඇත.

ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් පරීක්ෂණ කමිටුව හමුවේ පළමුවරට පෙනී සිටීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.

මෙම කමිටුව පසුගිය 15 වනදා පාර්ලිමේන්තුවේදී රැස්වී පරීක්ෂණ කටයුතු පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ලැබීය.

ඒ අනුව විමර්ශන කමිටුව අද පස්වරු 02.00ට පාර්ලිමේන්තු කාරක සභා කාමරා අංක 8 හිදී රැස්වීමට නියමිතව තිබේ.

දේශබන්දු තෙන්නකෝන් එම ධූරයෙන් ඉවත් කිරීමට අදාළ කරුණු සොයා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුතුව මෙම කමිටුව පත් කරනු ලැබීය.

Exit mobile version