Home උණුසුම් පුවත් අම්ෂිකාගේ සිද්ධියට අදාළව අධිකරණයෙන් නියෝගයක්

අම්ෂිකාගේ සිද්ධියට අදාළව අධිකරණයෙන් නියෝගයක්

කොටහේන ප්‍රදේශයේ ඉකුත්දා සියදිවි නසාගත් පාසල් දැරිය අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට අදාළව පාසලේ සැකකාර ගුරුවරයා සම්බන්ධ විමර්ශනවල ප්‍රගතිය ජූනි මස 23 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අද (19) පොලිසියට නියම කර තිබේ.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇති බව සඳහන් වේ.

Exit mobile version