බීමතින් මෝටර් රථයක් ධාවනය කර අත්අඩංගුවට ගැනුණු පොලිස් නිලධාරියකුගේ සේවය ඊයේ(17) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට මඩකලපුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කටයුතු කර තිබෙන බව වාර්තා වේ.
පෙරේදා (16) දහවල් කාලයේ අම්පාර කාවන්තිස්ස විද්‍යාලය අසලදී බීමතින් රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් මෙම පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මඩකලපුව, ආයිත්තමලේ පොලිස් ස්ථානයට අනියුක්තයව රාජකාරී කළ පොලිස් නිලධාරියෙක් බව වාර්තාවේ.
අත්අඩංගුවට ගැනුණු මෙම පොලිස් නිලධාරියාට ලබන 23 වන දින අම්පාර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී ඇති බව පොලිසිය සඳහන් කර සිටී.