Home උණුසුම් පුවත් එකට කා බී ගුටි ඇන ගනී – හම්බෙගමුවේ ඝාතනයක්

එකට කා බී ගුටි ඇන ගනී – හම්බෙගමුවේ ඝාතනයක්

හම්බෙගමුව පොලිස් වසමේ අලුත් වැව ප්‍රදේශයේදී ඊයේ (17) රාත්‍රී කාලයේ පුද්ගලයන් දෙදෙනෙකුට සිදුකළ පහර දීමකදී එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවේ.

මිය ගිය පුද්ගලයා තවත් කිහිප දෙනෙකු සමග මත්පැන් පානය කර ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිටියදී ඇති වූ ආරවුලක් හේතුවෙන් ත්‍රීරෝද රථය අතරමග නවතා තිබේ.

එම අවස්ථාවේ ත්‍රී රෝද රථයේ සිටි පුද්ගලයකු විසින් මෙම පුද්ගලයාට සහ එහි සිටි තවත් පුද්ගලයෙකුට මාර්ගයේ තිබූ ගලකින් පහර දී ඇති බව පොලිසිය සඳහන් කර සිටී.

තුවාලකරුවන් දෙදෙනා හම්බෙගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් පුද්ගලයකු මිය ගොස් ඇති අතර අනෙක් තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට මාරු කර යවා තිබේ. තුවාල ලැබූ පුද්ගලයා කල්තොට, බලංගොඩ ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි අයෙකු බව සඳහන්වේ.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා හම්බෙගමුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Exit mobile version