Home උණුසුම් පුවත් ඉසිපතන විද්‍යාලයට විශිෂ්ට ජයක්

ඉසිපතන විද්‍යාලයට විශිෂ්ට ජයක්

අන්තර්පාසල් ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ ඉසිපතන විද්‍යාලය සමත්ව තිබේ.

අද (18) කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති අවසන් මහා තරගයේදී ඔවුන් විසින් මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 12 – 9 ලෙස පරාජය කළේය.

කෙසේ නමුත් පළමු අර්ධය අවසන් වූයේ ලකුණු 7-6 ක් ලෙස ඉසිපතන විද්‍යාලය පෙරමුණ සිටිමිනි.

ජයග්‍රාහී ඉසිපතන විදුහල උත්සාහක දිනුම් 2ක් හා එක් ප්‍රවර්නථනක් සාර්ථක කරගත් අතර ත්‍රිත්ව විද්‍යාලය දඬුවම් පහර දෙකක් හා ඩ්‍රොප් ගෝලයක් වාර්තා කළේය.

Exit mobile version