Home උණුසුම් පුවත් ගල්කිස්ස වෙඩිතැබීමේ සැකකරු පොලිස් දැලේ

ගල්කිස්ස වෙඩිතැබීමේ සැකකරු පොලිස් දැලේ

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් ගල්කිස්ස, සිල්වෙස්ටර් මාර්ගයට හැරෙන හන්දිය අසලදී 19 හැවිරිදි තරුණයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ පැදිකරු ඊයේ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ගල්කිස්ස පොලිස් ස්ථානය හා ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරක් මත මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 45 ක් වන මා කුඹුර පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන බව පොලිසිය පවසා සිටී.
මේ අතර සැකකරුවන් අපරාධය සඳහා පැමිණි බවට සැක කෙරෙන යතුරුපැදියේ කොටස් හා ව්‍යාජ අංක තහඩු දෙකක් සැකකරුගේ නිවස පිටුපස වළදමා තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇති බවද වාර්තාවේ.
මෙම අපරාධයට ආධාර අනුබල දුන් බවට සැක කරන පුද්ගලයන් දෙදෙනෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් මීට පෙර අත්අඩංගුවට ගෙන ඇති අතර, එම සැකකරුවන් වයස අවුරුදු 21 හා 32 වයස්වල පසුවන්නන් බව සඳහන් වේ.

Exit mobile version