Home උණුසුම් පුවත් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනයක්!

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනයක්!

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරු ඉදිරි පැය කිහිපය තුළ ක්‍ෂණික වැඩ වර්ජනයක නියැළීමට තීරණය කර ඇති බව වාර්තාවේ.
එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා අද (16)පවසා ඇත්තේ එළඹෙන පැය 24 තුළ හෝ ඉන් ඔබ්බට ක්ෂණික වෘත්තිය ක්‍රියා මාර්ගයක නියැලීමට සූදානම් බවයි.

බඳවා ගැනීමේ ගැටලු, උසස් වීම්, ඇතුළු කරුණු ගණනක් මුල් කර ගනිමින් එම සංගමය මෙම වැඩ වර්ජනය නියැළීමට තීරණය කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Exit mobile version