Home උණුසුම් පුවත් පැපුවා නිව්ගිනියාවේ රිච්ටර් මාපක 5.95ක ප්‍රබල භූ කම්පනයක්

පැපුවා නිව්ගිනියාවේ රිච්ටර් මාපක 5.95ක ප්‍රබල භූ කම්පනයක්

නිරිත දිග පැසිෆික් සාගරයේ පිහිටි දූපත් රාජ්‍යයක් වන පැපුවා නිව්ගිනියා හි නිව් බ්‍රිතාන්‍ය කලාපයේ රිච්ටර් මාපක 5.95ක භූ කම්පනයක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පොළෝ මතුපිට සිට කිලෝමීටර 10ක් පමණ අභ්‍යන්තරයෙන් මෙම භූ කම්පනය සිදුව ඇති බවයි.

කෙසේ වෙතත්, භූ කම්පනය හේතුවෙන් කිසිදු සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නැහැ.

Exit mobile version