Home උණුසුම් පුවත් මැලේසියාවේ ගංවතුරේ දී විදුලිසැර වැදී ශ්‍රී ලාංකික තරුණයෙක් ජීවිතක්ෂයට

මැලේසියාවේ ගංවතුරේ දී විදුලිසැර වැදී ශ්‍රී ලාංකික තරුණයෙක් ජීවිතක්ෂයට

මැලේසියාවේ ෂා අලාම් හි ටමාන් අලාම් ඉන්ඩා හි ඉදිකිරීම් ද්‍රව්‍ය ගබඩා ස්ථානයක ඇති වූ ගංවතුර තත්ත්වයකදී විදුලිසැර වැදී මිය ගොස් සිටි ශ්‍රී ලාංකික තරුණයෙකු සහ බල්ලෙකු සොයා ගෙන ඇත.

එලෙස මියගොස් ඇත්තේ 27 හැවිරිදි තරුණයෙක් බවට අනාවරණය වී තිබේ.

එරට පොලීසිය සඳහන් කර ඇත්තේ, මළ සිරුර වෙත ළඟාවීමට අදාළ ප්‍රදේශයේ විදුලි සැපයුම විසන්ධි කරන ‍තෙක් බලාසිටීමට සිදුවු බවය.

මියගිය තරුණයාගේ සිරුරේ තුවාල කිසිවක් නොමැති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය රෝහලක් වෙත යොමු කර තිබේ.

Exit mobile version