ක්ලබ් නළඟන උස්සන තැත වරදි – දෙදෙනෙක් පොලිසියට මාට්ටු

පොලිස් හදිසි ඇමතුම් අංක 119 වෙත ලැබුණු තොරතුරකට අනුව රාත්‍රී සමාජ ශාලාවල නර්තන ශිල්පිනියක ලෙස කටයුතු කරන කාන්තාවක් මෝටර් රථයකින් පැහැරගෙන යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු පෙරේදා (17) රාත්‍රියේ ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත් සැකකරුවන් කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්.

ලැබුණු තොරතුර මත, ග්‍රෑන්ඩ්පාස් කැලණි නදී විහාරස්ථානය අසල පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව ක්ෂණික මාර්ග බාධකයක් යොදා පරීක්ෂා කිරීම් සිදුකර තිබෙනවා.

එම අවස්ථාවේදී මාර්ග බාධකය පසුකර යාමට උත්සාහ කළ මෝටර් රථයක සිටි කාන්තාවක්, තමන්ව පැහැරගෙන යන යන බව කියමින් කළ කෑ ගැසීමත් සමග පොලිසිය ක්‍රියාත්මක වී පලා යෑමට තැත් කළ මෝටර් රථය නවතා නළඟන මුදාගෙන ඇති බව සඳහන්.
මුදාගත් 35 හැවිරිදි කාන්තාව සීදූව ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර, කොළඹ 14 ප්‍රදේශයේ තාවකාලිකව නවාතැන් ගෙන සිටියදී මෙම පැහැරගැනීමට ලක්ව ඇති බවයි සඳහන් වන්නේ.

රථයේ සිටි සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර මෝටර් රථය පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s