අල්ලස් ගත් පොලිස් ලොක්කා තවදුරටත් රිමාන්ඩ්

අල්ලස් කොමිසම සිදුකළ විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පොලිස් දෙපාර්තමේන්තුවේ සංස්කෘතික අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතීෂ් ගමගේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කළේ අල්ලස් කොමිසමේ නිලධාරීන් හා විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, පාතාල කල්ලි සාමාජිකයින් හා විවිධ සේවාවන් ලබාගැනීම සඳහා පොලිසියට පැමිණෙන මහජනතාවගෙන් අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් එක්කෝටි හතළිස් ලක්ෂයක මුදලක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගියදා අල්ලස් කොමිසම විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.

අල්ලස් කොමිසම පසුගියදා අධිකරණයට වාර්තා කර තිබුනේ අදාළ මුදල් මෙම සැකකරුගේ අනුදැනුම මත විවෘත කර තිබූ වෙනත් පුද්ගලයෙකුගේ බැංකු ගිණුම් තුනක තිබී සොයා ගත් බවයි.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s