“මාව රිමාන්ඩ් කරන්න එපා” – රාජිතගෙන් මෝසම් – අධිකරණය කියූ දේ

අල්ලස් කොමිසම විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව තමන්ව අත් අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර ඇති වරෙන්තුව තාවකාලිකව අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබෙනවා.

අද (18) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය හමුවේ එම මෝසම කැඳවනු ලැබුවා.

මහෙස්ත්‍රාත්වරිය දැනුම් දුන්නේ, අදාළ ඉල්ලීම, පැමිණිලිකාර පාර්ශ්වය වන අල්ලස් කොමිසම අධිකරණය හමුවේ පෙනී සිටින අවස්ථාවකදී ඉදිරිපත් කළ යුතු බවයි.

ඒ අනුව, මෝසම මගින් ඉල්ලා තිබූ අතුරු නියෝගය නිකුත් කිරීමෙන් අධිකරණය වැළකී සිටියා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28