
විශේෂඥ වෛද්‍යවරයකු විසින් සන්ධි රෝගයක් සඳහා නියම කළ ඖෂධයක් වෙනුවට, ඖෂධහලකින් (ෆාමසියකින්) නිකුත් කළ පිළිකා රෝගීන්ට ලබාදෙන ඖෂධයක් අධි මාත්‍රාවෙන් ලබාගැනීම හේතුවෙන් එක්තැන් වූ සිවුදරු මවක් ගැන අනුවේදීනීය පුවතක් උඩවලව කොළඹගේආර ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මෙසේ බරපතල ලෙස රෝගාතුර වී ඇත්තේ කේ.ජී. ප්‍රියාණි චන්ද්‍රමාලි නැමැති පනස් පස් හැවිරිදි කාන්තාවක් බව සඳහන්.
මෙම කාන්තාව සන්ධි රෝගී තත්ත්වයක් සඳහා ඇඹිලිපිටියේ පෞද්ගලික රෝහලකදී විශේෂඥ වෛද්‍යවරයකු හමුවී ලබාගත් ඖෂධ වට්ටෝරුව, ඔවුන් නිරන්තරයෙන් ඖෂධ ලබාගන්නා උඩවලව නගරයේ ඖෂධහලකට ඉදිරිපත් කර ඖෂධ ලබාගෙන තිබෙනවා.
අදාළ ෆාමසියෙන් ලබාදුන් ඖෂධ පානය කිරීමෙන් පසු ඇයට බඩ සහ පපුවේ දැවිල්ල, මුඛයේ තුවාල, ඇස් නොපෙනී යාම සහ ආහාර අරුචිය වැනි රෝග ලක්ෂණ රැසක් මතුවී තිබෙනවා.
ඇතිවූ උග්‍ර රෝගී තත්ත්වය හේතුවෙන් ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇය ඇතුළත් කළද රෝගය නිශ්චය කිරීමට වෛද්‍යවරුන්ට අපහසු වී තිබෙනවා.
පසුව ඇය ලබාගත් ඖෂධ පරීක්ෂා කිරීමේදී හෙළි වී තිබෙන්නේ සතියකට මිලිග්‍රෑම් 3ක මාත්‍රාවකින් පිළිකා රෝගීන්ට ලබාදෙන ඖෂධයක්, දිනකට මිලිග්‍රෑම් 40ක් (මිලිග්‍රෑම් 10 පෙති හතරක්) බැගින් ලබාගන්නා ලෙස ඖෂධහලෙන් වැරදි උපදෙසක් ලබා දී ඇති බවයි.
ෆාමසියෙන් ලබා දුන් උපදෙස් අනුව අධි මාත්‍රාව සහිත පෙති 42ක් පානය කිරීමෙන් ඇය මෙම බරපතළ තත්ත්වයට පත්වී ඇති බව විශේෂඥ වෛද්‍යවරුන් තහවුරු කර තිබෙනවා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් උඩවලව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සඳහන්.
කෙසේ වෙතත්, ඇයගේ සැමියා චෝදනා කරන්නේ ඖෂධ හල විසින් වරද පිළිගත් නමුත් පවුලේ අයට වෙනත් කිසිදු යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි.
ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ දින දහයක නේවාසික ප්‍රතිකාර ලබා නිවසට පැමිණ ඇති ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ රෝහලක් වෙත රැගෙන යාමට නියමිත බව ඇයගේ සැමියා පවසනවා.
මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.
https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s