
කොළඹ වරායේ බහාලුම් අංගනයේදී සිදු වූ දරුණු කාර්මික අනතුරකින් 36 හැවිරිදි ප්රයිම් මූවර් රථ රියදුරෙකු මියගොස් ඇති බව වාර්තා වනවා.
කොළඹ වරාය බහාලුම් අංගනයේදී ප්රයිම් මූවර් රථයකට බහාලුමක් පැටවීමට යාමේදී එම බහාලුම තවත් බහාලුමක ගැටී එය මෙලෙස ප්රයිම් මූවර් රථය මතට වැටී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
ඊයේ (08) සිදුවූ මෙම අනතුරින් ප්රයිම් මූවර් රථයේ රියදුරු බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරනවා.
බහාලුම පැටවීම සිදු කරමින් සිටි යන්ත්ර ක්රියාකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ වරාය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.
https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s