බොරැල්ලේ වෙඩි වරුසාවෙන් තරුණයෙක් මරුට

බො‍රැල්ල සහස්පුර සිරිසර උයන මහල් නිවාස සංකීර්ණය ආසන්නයේ ඊයේ (07) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 23ක් වූ කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්.

මේ අතර, අවුරුදු 21, 22 සහ 23 යන වයස්වල පසුවන කොළඹ 9 ප්‍රදේශයේ පදිංචිකරුවන් සිව්දෙනෙකු මේ වනවිටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

කොළඹ ජාතික රෝහලේ, නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේ මෙයින් එක් තරුණයෙකුට ගැඹුරු තුවාල සිදුව ඇති බැවින් මේ වනවිට ඔහුව සැත්කමකට භාජනය කර ඇති බවය.

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින තරුණයින් තිදෙනාට ඉදිරියේ දී තවත් සැත්කම්වලට භාජනය කළ යුතුව ඇතැයි ද සඳහන් කළ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා, ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ නිශ්චිතව මේ වනවිට පැවසිය නොහැකි බව ද සඳහන් කලා.


ඊයේ රාත්‍රී 8.40ට පමණ ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් තරුණයින් පස්දෙනෙකු ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුකර තිබුණා.

එහිදී 56 ගිනිඅවියකින් වෙඩි තැබීම සිදුකර ඇති අතර, වෙඩික්කරුවන් පලා ගොස් ඇතැයි පොලිසිය සඳහන් කර සිටිනවා.
මෙම වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, පාතාල කල්ලි දෙකක් අතර සිදුවූ ගැටීමක් බවටයි පොලිසිය සැකකරනු ලබන්නේ.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s