
ඊයේ දිනයේ රටේම ආන්දෝලනාත්මක පුවතක් වූ ගලේවෙල මකුළුගස්වැව, හීනුගල රක්ෂිතයේදී ගැබ්බර මුවදෙනක ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙනස්ම පුවතක් වාර්තා වනවා.
අලුත්ම පුවතින් කියවෙන්නේ මෙම මුවදෙන මරාදැමීම සඳහා වෙඩි තබා ඇත්තේ අදාල පොලිස් සැරයන්ලා නොවන බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම තොරතුරු අනාවරණය වූ බවයි පොලිසිය පවසන්නේ.
එසේම, මෙම සිද්ධියට සැකපිට අත් අඩංගුවට ගැනුණු පොලිස් සැරයන්ලා දෙදෙනා සහ සිවිල් පුද්ගලයාට අමතරව, ඔවුන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම් වලදී හෙළි වූ තොරතුරු අනුව යමින් තවත් පුද්ගලයෙක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පවසන ආකාරයට මෙම සිවිල් පුද්ගලයන් දෙදෙනා වහකෝට්ටේ ප්‍රදේශයේ පදිංචිකරුවන්.
ප්‍රශ්නයට මැදි වූ පොලිස් සැරයන්ලාගෙන් එක් අයෙක් සැකකාර සිවිල් පුද්ගලයෙකුගේ සහෝදරයෙකු බවයි පැවසෙන්නේ.
අදාල සිවිල් පුද්ගලයින් දෙදෙනා විසින් මුවදෙනට වෙඩි තැබීමෙන් පසු, ප්‍රදේශවාසීන් සිද්ධිය දුටු බැවින් දඩයම රැගෙන යාමට නොහැකි වී ඒ සඳහා පොලිස් සොහොයුරාගේ සහය පැතූ බවයි පවසා තිබෙන්නේ.
ඒ අනුව ප්‍රශ්නගත පොලිස් සැරයන් විසින් තවත් සැරයන් කෙනෙක් සහ තම සොහොයුරා සමග පැමිණ මුවදෙනගේ මළ සිරුර රැගෙන යාමට තැත් කොට තිබෙනවා.
ප්‍රදේශවාසීන් සමග දරුණු ගැටුමකට ඔවුන් මැදි වී තිබෙන්නේ ඒ අවස්ථාවේදීයි.
කෙසේ වෙතත්, මුවදෙන ඝාතනය කර ඇත්තේ බෝර 12 වර්ගයේ ගිනිඅවියකින් බවට සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණවලදී හෙළි වී ඇතැයිද පොලිසිය ප්‍රකාශ කරනවා.
මෙම සැකකරුවන් සමග බෝර 12 බලපත්‍ර රහිත ගිනිඅවි 3ක්ද පොලිස් භාරයට ගෙන තිබෙන බව සඳහන්.
සිද්ධිය අවස්ථාවේ ප්‍රදේශවාසීන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය සැලකිල්ලට ගනිමින්, සැකකරුවන් සිව්දෙනා ගිරානේගම පොලීසියේ රඳවා තබාගැනීම අවදානම් බවට පවසා ඔවුන්ව අද (26) අලුයම දඹුල්ල පොලිස් ස්ථානය වෙත ගෙනවිත් තිබෙනවා.
ඔවුන් අද දඹුල්ල මහේහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
එසේම, ප්‍රදේශවාසීන් විසින් පහර දුන් බවට පවසමින් මකුළුගස්වැව පොලිසියේ ජීප් රථ රියදුරා ගලේවෙල රෝහලට ඇතුළු වී ප්‍රතිකාර ලබමින් සිටින බවද වාර්තා වුණා.
මෙම සිද්ධියට අදාල පෙර පුවත පහතින් නරඹන්න👇👇👇👇
මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.
https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s