පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථයක් අනතුරට

අද (23) උදෑසන 7.30ට පමණ බෙලිඅත්ත – වීරකැටිය මාර්ගයේ බෙලිගල්ල ප්‍රදේශයේදී පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්ව තිබෙනවා.

අනතුරින් පාසල් ළමුන් 16 දෙනෙකු පමණ තුවාල ලබා බෙලිගල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් කිහිපදෙනෙකු මේ වනවිට රෝහලෙන් පිටව ගොස් ඇති බවද සඳහන් වෙනවා.

වාර්තා වන අන්දමට බස් රථය මාර්ගයෙන් ඉවතට පැන මාර්ගයේ ඉවුරක ගැටී නැවතී තිබෙනවා.

මේ වනවිට ළමුන් 13 දෙනෙකු බෙලිඅත්ත, බෙලිගල්ල, තංගල්ල හා වීරකැටිය යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිනවා. පොලිසිය පවසන්නේ ඔවුන්ගේ තත්ත්වය බරපතල නොමැති බවයි.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s