Mr. කොත්තුට වැඩ වරදියි! ශාඛාවක් සීල් තියයි

සුප්‍රකට Mr. Kottu ශාඛාවකට මුද්‍රා තබා ඇති පුවතක් සමාජ මාධ්‍යයේ පැතිර යමින් පවතිනවා.

මෙම පුවත පැතිර යන්නේ මහරගම – නාවින්න Mr. Kottu ශාඛාව සම්බන්ධයෙන්.

මෙම ශාඛාව විවෘත කෙරුණේ ඉකුත් මාර්තු මාසයේදීයි.

සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ පැතිර යන කෙටි පුවතකින් කියැවෙන්නේ මේ දින වල මහරගම ආශ්‍රිත සිදු කරන අහාර වැටලීමකදී, එම අවන්හලේ අහාර සකස් කරන ආකාරය සම්බන්ධයෙන් මතු වූ කරුණක් හේතුවෙන් මෙසේ එම ශාඛාව මුද්‍රා තබා ඇති බවයි.

අදාල කාරණය සම්බන්ධයෙන් ගරු අධිකරණයට ගරු අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු එම අඩු පාඩු නිව‍ැරදි කරන තෙක් දින හතක කාලයක් සඳහා මෙම අවන්හල මුද්‍රා තබා ඇති බවට පැවසෙනවා.

මෙම අවන්හල් ජාලයේ විකිණෙන ආහාර වල සහ ඔවුන් සපයන සේවාවේ ප්‍රමිතිය පිළිබඳ පසුගිය කාලය පුරාම සමාජ මාධ්‍ය හරහා විවේචනයන් පළ වුණා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s