ඩඩ්ලිගේ “සුදු අරලිය” කඩයි? අනුර මේසයට ගහයිද?

වැව ආශ්‍රිත රක්ෂිතයන්ගේ සිදුකරන ලද අනවසර ඉදිකිරීම් පිළිබඳ පුවතක් අපි ඊයේ දින ඔබ වෙත රැගෙන ආවා.

වැව් රක්ෂිත වල ඉදිකොට ඇති දේශපාලකයින් සතු සැප හෝටල් පිළිබඳ එම පුවතින් අනාවරණය වුණා.

එවැනි ඉදිකිරීම් සිදුව ඇති වැව් රක්ෂිත 23ක් පිළිබඳවා වාර්තා වී තිබෙනවා.

එම හෝටල් මොනවාද සහ ඒවායේ හිමිකරුවන් කවුද යන කාරණය මේ වන විට සමාජය තුළ කතාබහට ලක් වෙමින් පවතිනවා.

තවමත් ඒ පිළිබඳ නිසි තොරතුරු සියල්ල හෙළිව නැති නමුත්, මේ අතර සිටින ප්‍රබල පුද්ගලයෙකු පිළිබඳව මේ වන විට ඉඟි ලැබෙමින් පවතිනවා.

ඒ හිටපු ජනපති සොයුරු, ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ඩඩ්ලි සිරිසේනයි.

පරාක්‍රම සමුද්‍රයට යාබදව ඉදිකර ඇති ඔහු සතු “සුදු අරලිය” නම් තරු පන්තියේ හෝටලය පිළිබඳ විවාදාත්මක අදහස් පළ වුණේ කලක සිටයි.

මේ අතර, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මධ්‍යම කාරක සභික ඉන්ද්‍රානන්ද සිල්වා ඊයේ (20) ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදු කොට තිබෙනවා.

ඔහු කියා සිටින්නේ ඩඩ්ලි සිරිසේනගේ මෙම හෝටලයේ ඇතැම් කොටස්ද වැව් රක්ෂිතය තුළ ඉදි කොට ඇති බවයි.

එසේ හෙයින් හැකිනම් එම ඉදිකිරීම් කඩා ඉවත් කරන ලෙස ඔහු රජයට අභියෝග කොට සිටිනවා.

එසේම, එම හෝටලයේ එළිමහන් රැස්වීම් ස්ථානයට වතුර පිරුණු වහාම පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයක් විවෘත කරන බවද හෙළි කොට සිටින ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ, නිසි ලෙස වැසි නොලැබෙණ කාලයන් වලදි පවා මෙම ක්‍රියාවලිය සිදුවන බවයි.

මීට අදාළ පෙර පුවත පහතින්.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s