
මෙරට අධ්‍යාපන ක්‍රමවේදය නව වෙනස්කම් රැසකට ලක් කරමින් නව අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම සඳහා රජයේ අවධානය මේ වන විට යොමුව තිබෙනවා.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව දකුණු පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම සඳහා අද අගමැතිවරියගේ ප්‍රධානත්වයෙන් වැඩසටහනක් පැවැත්වුණා.
ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය අශෝක ද සිල්වා මහතා එහිදී සඳහන් කළේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා වෘත්තිය අධ්‍යාපනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබීම විශෙෂත්වයක් බවයි.
නව අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට අනුව අදාළ නව ප්‍රතිසංස්කරණ එළැඹෙන ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමටයි අධ්‍යාපන බලධාරීන් සැලසුම් කර ඇත්තේ.
මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා දැනට ක්‍රියාත්මක විෂයන් 09 විෂයන් 07 දක්වා අඩු කිරීමට යෝජනා වී තිබෙන අතර 10 සහ 11 ශ්‍රේණිවල සිසුන් පොදු මූලික විෂය මාලාව යටතේ අනිවාර්ය විශයන් 05ක් සහ තෝරාගත් විෂයන් 2ක් හැදෑරිය යුතුයි.
ඒ යටතේ මව් බස, ඉංග්‍රීසි භාෂාව, ගණිතය, විද්‍යාව, ආගම සහ සාරධර්ම අධ්‍යයනය විෂයන් අනිවාර්ය විෂයන් ලෙස හැදෑරිය යුතු අතර, ඉතිහාසය හා සෞන්දර්ය ඇතුළු විෂයයන් තෝරාගැනීම සඳහා විවෘත කර තිබෙනවා.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 10 සහ 11 ශ්‍රේණි සඳහා විශයන් 14ක් පවතින අතර ඉන් සාමාන්‍ය පෙළ විභාගය සඳහා අදාළ වන්නේ විෂයන් 07ක් පමණයි.
ඉතිරි විෂයන් සඳහා පාසලේදී කරන අධ්‍යයනයන් අනුව CREDIIT ලකුණු ලබා දෙන අතර අදාළ ක්‍රෙඩිට් ලකුණු සාමාන්‍ය පෙළ විභාගය සඳහා අදාළ වනු ඇති.
මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.
https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s