
කුප්‍රකට සහ ආන්දෝලනාත්මක පුවත් මැවූ චරිතයක් වන තිළිණි ප්‍රියමාලි නැමැත්තියට නඩුවක සිතාසි භාරදීමට යාමේදී සිදුවූ බරපතල ආකාරයේ නීතිය කඩවීමක් පිළිබඳ පසුගියදා මාධ්‍ය හරහා වාර්තා වූ අතර අපිද එම පුවත අපගේ පුවත් අඩවිය හරහා පළ කළෙමු.
අදාල ප්‍රශ්නගත සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ නිලධාරියා විසින් සිදු කරන ලද පැමිණිල්ලට අදාලව කට උත්තරයක් ලබාදීම සඳහා හෝමාගම පොලිසියේ පෙනී සිටින ලෙසට තිළිණි ප්‍රියමාලිට අධිකරණ නියෝග ලැබුණු බව එම පුවතින් අප හෙළි කරන ලදී.
එහෙත්, අදාල අධිකරණ නියෝගය ලබා දී දින හතරක් ගත වී ඇතත්, තවමත් මෙම කාන්තාව අධිකරණ නියෝගයට ගරු කරමින් පොලිස් ස්ථානය වෙත ගොස් නොමැති බවයි මේ වන විට වාර්තා වන්නේ.
සමස්ත ලංකා සිතාසි ක්‍රියාත්මක සංගමයේ හිටපු සභාපතිවරයා අද ප්‍රවෘත්ති සාකච්චාවක් පවත්වමින් මේ පිළිබඳ හෙළි කොට තිබෙනවා.
ඔහු පවසන ආකාරයට, අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීමට ගිය රජයේ නිලධාරියෙකුට බැණ වැදී තර්ජනය කිරීම සහ රාජකාරියට බාධා කිරීම යන මූලික වරදවල් වලට අමතරව මෙම කාන්තාව විසින් තවත් වැරදි කිහිපයක්ම සිදු කොට තිබෙනවා.
පෙර පුවතින් පැවසෙන ආකාරයට මෙම කාන්තාව සිතාසි ලේඛණයේ පිටුපස යමක් ලියා තිබෙන අතර එසේ කිරීමද වරදක් වනවා.
යමෙකුට එවැනි ලේඛණයක ලිවිය හැක්කේ ජාතික හැඳුනුම්පත් අංකය සහ “සිතාසිය භාර ගතිමි” යන වැකිය සමග තම අත්සන පමණක් බවයි මෙම හිටපු රජයේ නිලධාරියා අනාවරණය කොට සිටින්නේ.
එසේ හෙයින්, ඔහු පවසන ආකාරයට රජයේ ලේඛණයක් විකෘති කිරීමේ වරදද මෙම කාන්තාව පිට පැටවෙනවා.
ඊටත් වඩා බරපතල වරද වන්නේ අධිකරණය විසින් දෙන ලද නියෝගයක් නොතකමින් ඇය විසින් ක්‍රියාකොට තිබෙන ආකාරයයි.
මේ හරහා මෙම කාන්තාවට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් වුවද එල්ල කිරීමේ හැකියාවක් ඇති බවයි පැහැදිළි වන්නේ.
තත්වය එසේ තිබියදි මෙම කාන්තාව මෙසේ උද්දච්ඡ ආකාරයෙන් හැසිරෙන්නේ කුමන හයියකින්ද යන කාරණය ඇත්තෙන්ම ප්‍රශ්නගතයි.
මන්ද යත්, නීතිය ඉදිරියේ සැවොම එක හා සමාන විය යුතු බැවින්.
මේ නිසාම, හිටපු රජයේ තෝරුන් මෝරුන් පවා කළ වැරදි වලට උසාවි, පොලිසි ගානේ බඩගාද්දී මෙම කාන්තාවට විරුද්ධව පියවරක් ගැනීම පමා වන්නේ මන්ද යන කරුණ ප්‍රශ්නයට නැගිය යුතුව තිබෙනවා.
එම ප්‍රශ්නයට පිළිතුරක් ලැබෙන තෙක්, අපිද විමසිල්ලෙන්.
සවිස්තර පෙර පුවත පහතින් නරඹන්න.
මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.
https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s