සුරූපී නිළි එමාට අලි අකරතැබ්බයක්!

ලොව පුරා සිනමා රසිකයින් කාගේත් ආදරය දිනූ හැරී පොටර් චිත්‍රපට මාලාවේ “හර්මයිනි” එහෙමත් නැත්නම් සුරූපී නිළි එමා වොට්සන්ට අකරතැබ්බයක් සිදු වෙලා.

මාර්ග නීති උල්ලංඝනය කිරීමක් සම්බන්ධයෙන් වරදකාරියක් වෙච්ච එමාගේ රියදුරු බලපත්‍රය අවලංගු කරලා කියලා විදෙස් මාධ්‍ය වාර්තා කරලා තියෙනවා.

මේ විදිහට ඇයට දඬුවම් නියම වෙලා තියෙන්නේ හයි වයිකොම්බේ මහේස්ත්‍රාත් අධිකරණයේදී.

වාර්තා වෙන විදිහට නම් ඇය අධික වේගයෙන් රිය පදවලා කියලයි සඳහන් වෙන්නේ.

ඔක්ස්ෆර්ඩ් නගරයේ පැයට සැතපුම් 30ක වේගයෙන් රිය ධාවනය කළ යුතු කලාපයකදී ඇය පැයට සැතපුම් 38ක වේගයෙන්, එහෙමත් නැත්නම් පැයට කිලෝමීටර් 61.2ක වේගයෙන් රිය පදවාගෙන ගිහින් කියලා විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ වරදට දඩය විදිහට අධිකරණය මගින් ඇයට පවුම් 1,044ක් එහෙමත් නැත්නම්, ඇමරිකානු ඩොලර් 1,398 ගෙවීමට නියෝග කරලා තියෙන බවත්, ඊට අමතරව ඇගේ ඩ්‍රයිවින් ලයිෂන් එක මාස හයක කාලයකට අත්හිටුවමින් රිය පැදවීමේ වාරණයක් නිකුත් කරලා තියෙන බවත් තමයි වාර්තා වෙන්නේ.

ඒ වගේම, විදෙස් මාධ්‍ය කියන ආකාරයට ඇය මේ නඩු විභාගය සඳහා උසාවියට ඇවිත් නැහැ.

ඒ වෙනුවට මේ සුරූපී නිළිය ඇය වෙනුවෙන් පෙනීසිටි නීතීඥයා මාර්ගයෙන් තමන් වරද පිළිගත්තු බවට උසාවියට දැනුම් දීලා තියෙන බවයි වාර්තා වුණේ.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s