කෙහෙල්බද්දර පද්මේගෙන් හිටපු DIGට මරණ තර්ජන

පසුගිය දිනෙක අත් අඩංගුවට පත් වූ බවට රාවයක් පැතිර ගිය කෙහෙල්බද්දර පද්මේ විසින් විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතාට හෝ ඔහුගේ පවුලේ සාමාජිකයෙකුට මරණ තර්ජන එල්ල කොට ඇති බවට පුවතක් වාර්තා වනවා.

විදේශ රටක සිට ජංගම දුරකථන ඇමතුමක් මගින් විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයාට තමා “කෙහෙල්බද්දර පද්මේ” ලෙස හඳුන්වා දෙමින් යම්කිසි පුද්ගලයෙකු විසින් මෙම තර්ජනය සිදුකොට තිබෙන බවයි සඳහන් වන්නේ.

මේ පිළිබඳ කරුණු වාර්තා වූයේ රහස් පොලිසිය විසින් අධිකරණය හමුවේ සිදු කරන ලද අනාවරණයක් හරහායි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් ආරම්භ කරන ලෙස වැලිසර මහේස්ත්‍රාත්වරයා විසින් රහස් පොලිසියට නියෝග කර තිබෙන බවද වාර්තා වනවා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s