කිං ඛාන්ගේ ලංකා ගමන අවලංගුයි!

උත්සව කටයුත්තකට සහභාගි වීම සඳහා සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් ලංකාවට පැමිණීමට නියමිත බවට පුවතක් මින් පෙර වාර්තා වුණා.

ඔහු මෙසේ පැමිණීමට නියමිතව සිටියේ ලබන මස මුලදී කොළඹදී අතිඋත්කර්ශවත් ලෙස විවෘත කිරීමට සැලසුම් කර තිබෙන City of Dreams Sri Lanka ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවයේ විශේෂ ආරාධිතයා ලෙසයි.

මෙම පුවතත් සමග ලාංකික සිනමා රසිකයින් දෑස් දල්වා බලා සිටියේ බොලිවුඩයේ රජු ලෙස සැලකෙන “කිං ඛාන්” සියැසින් දැකබලා ගැනීමේ අවස්ථාවක් හිමියේ යන අදහසින්.

එහෙත්, රසිකයින්ගේ සිහින සුන් කළ නවතම පුවතකින් කියවෙන්නේ ශාරුක් ඛාන් සිය ලංකා සංචාරය අත්හිටුවා ඇති බවයි.

ඔහුගේ සංචාරය අවලංගු වීම පිළිබඳ පුවත City of Dreams Sri Lanka ප්‍රකාශකයෙකු නිල වශයෙන් නිවේදනය කොට තිබෙනවා.

එසේම, ශාරුක් ඛාන්ගේ නිල මාධ්‍ය ඒජන්සිය වන WizCraft මගින්ද මෙම පුවත තහවුරු කොට තිබෙනවා.

ඒ, “මීට පෙර සැලසුම් කර තිබුණද නොවැළැක්විය හැකි හේතුවක් මත ශාරුක් ඛාන් City of Dreams Sri Lanka හි සමාරම්භක අවස්ථාවට සහභාගී නොවන බව කණගාටුවෙන් යුතුව අප ඔබට දැනුම් දී සිටිමු” යනුවෙන් සඳන් කරමින්.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s