
ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන සුදන්ත තිලක්සිරිට එරෙහිව කොළඹ දිසා අධිකරණය මගින් වාරණ නියෝගයක් නිකුත් කොට තිබෙනවා.
ඒ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල තම නීතිඥයන් මාර්ගයෙන් කොළඹ දිසා අධිකරණයේ ගොනුකරන ලද නඩුකරයකට අදාළවයි.
මෙම නඩුකරයේ විත්තිකරුවන් ලෙස සුදත්ත තිලක්සිරි සහ දමිත් නුවන් කොඩිතුවක්කුආරච්චිගේ යන දෙදෙනා නම් කොට තිබෙනවා.
ප්‍රදීප් නිලංග දෑල පිළිබඳව අපහාසාත්මක ආකාරයේ ප්‍රකාශ කිරීම නිකුත් කිරීමක් සම්බන්ධයෙනුයි මෙම නඩුව ගොනු කොට ඇත්තේ.
තමා සම්බන්ධයෙන් එවැනි ප්‍රකාශ නිකුත් කිරීම වලකාලමින් අදාල සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් දෙදෙනාට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම නඩුකරය ගොනු කොට තිබුණා.
උක්ත වාරණ නියෝගය නිකුත් කොට ඇත්තේ එම ඉල්ලීම සැලකිල්ලට ගනිමින්.
මෙකී වාරණ නියෝගයට ප්‍රකාරව පැමිණිලිකාර ප්‍රදීප් නිලංග දෑලට එරෙහිව සෘජුව හෝ වක්‍රව අපහාස වන අයුරින් ප්‍රකාශ සිදුකිරීම මෙන්ම ඕනෑම ආකාරයක අපහාසාත්මක කටයුත්තක් සිදු කිරීමද තහනම් කොට ඇති අතර, විත්තිකරුවන් විසින් පවත්වාගෙන යනු ලබන යූටියුබ් නාලිකාවන්හි එවැනි දේ පළකිරීමද මෙම වාරණ නියෝගයට අනුව තහනම් වනවා.
මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.
https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s