රත්තරන් ප්ලග් බේස් ටෙන්ඩරය රිවස්! ආණ්ඩුව අඩියක් පස්සට ගනී

විද්‍යුත් හැඳුනුම්පත් සකස් කිරීම සඳහා රජයේ ආයතනවලට ලබා දීමට නියමිත වූ ප්ලග් බේස් මිලදී ගැනීමට අදාළ ටෙන්ඩරය අවලංගු කර තිබෙන බව වාර්තා වනවා.

මෙම ටෙන්ඩර් සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් දිනවල සමාජය තුළ දැඩි කතා බහක් ඇතුවුණේ, එම ප්ලග් බේස් මිලදී ගැනීමට ටෙන්ඩරය ප්‍රකාරව එකඟ වී තිබූ අසාමාන්‍ය මිල ගණන් නිසයි.

මෙම ප්ලග් බේස් සම්බන්ධ ටෙන්ඩරය ලබා දී ඇතැයි පූර්වයෙන් වාර්තා වුණේ ප‍්‍රකට ව්‍යාපාරික ඉෂාර නානායක්කාරගේ සමාගමකටබවයි පැවසෙන්නේ.

විවාදාත්මක වූ මෙම ප්ලග් බේස් ඒකක හත්සීයක් පමණ මිලට ගැනීමටයි සැලසුම් කර තිබූ අතර, එකක් රුපියල් 72,000ක පමණ මුදලකට ලබා ගැනීමට සැරසෙන බවයි වාර්තා වුණේ.

මේ අතර එම ගනුදෙනුවට අදාළ ටෙන්ඩරය පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් අවලංගු කර ඇති බවට අද වාර්තා වූ පුවතකින් කියවුණා.

මෙම තිරතුර ලබා දී ඇත්තේ ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු විසින් බව සඳහන්.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s