බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක හොට පටලාගෙන! ආරුගම්බේ තායි තරුණිය නිරුවතින් ගිය හේතුව හෙළි වෙයි

උඩුකය නිරුවතින් ආරුගම්බේ සංචාරක කලාපය තුළ මාර්ගයේ ගමන් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 26 හැවිරිදි තායිලන්ත ජාතික තරුණිය අද පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඇයට වසර 05 කට අත්හිටවූ සිර දඩුවම් නියම වුණා.

ඒ අනුව, ප්‍රධාන මාර්ගයේ අවිනීතව හැසිරීම සහ මහජනතාව පීඩා වන අයුරින් කටයුතු කිරීම යන චෝදනා දෙකට වෙන් වෙන්ව සති දෙකක සහ මාසයක සිර දඩුවම් නියම කර එය වසර 05 කට අත්හිටුවීමටයි පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ.


ඊයේ දහවල් මෙම තරුණිය ආරුගම්බේ සංචාරක කලාපයේ එක් හෝටලයක සිට තවත් හෝටලයක පිවිසුම දක්වා මෙලෙස උඩුකය නිරුවතින් ගමන් කරන ආකාරය දැක්වෙන ඡායාරුපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණු අතර ඉන් අනතුරුව ඇය පොතුවිල් පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.

අධිකරණය හමුවේ වරද පිළිගත් මෙම තායි කාන්තාව සිය පෙම්වතා සමග ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙලෙස හැසිරී ඇති බව පොලිසිය කියා සිටියා.

ඇය මෙරටට පැමිණ තිබුණේ අමෙරිකානු ජාතික තරුණයෙකු සමගින් බවයි වාර්තා වන්නේ.

පොලිස් විමර්ශනවලදී හෙළිව තිබෙන්නේ එම අමෙරිකානු ජාතිකයා ඔන්ලයින් මාර්ගයෙන්ට තායි තරුණිය සමඟ සබඳතාවක් ගොඩනගාගෙන, ඇය හමුවීමට බැංකොක් නගරයට පැමිණ ඇයත් සමග ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s