ජීවත්වුණු භාතියට වඩා මියගිය භාතිය ප්‍රබලයි – පරිසරවේදී නයනකගෙන් සංවේදී හෙළිදරව්වක්

රටම දෑස් දල්වා බලා සිටි භාතිය හස්තිරාජයා අද සැවොම ශෝකයට ඇද දමමින් අවසන් ගමන් ගියේය.

මෙම මරණයෙන් අප උගත යුතු පාඩම් බොහෝ තිබේ.

මේ වනවිටත් මෙම සත්වයාට අත් වූ අවාසනාවන්ත ඉරණම පිළිබඳ සමාජ ක්‍රියාධරයින්, සිවිල් කණ්ඩායම් විවිධ මත පළ කරමින් තිබේ.

සැබැවින්ම ජීවත්ව සිටි භාතියට වඩා, මියගිය භාතිය සමාජය වෙත දෙන පණිවුඩය ප්‍රබලය.

ඒ, යළිත් මෙවන් ඉරණමක් කිසිදු සත්වයෙකුට අත් නොවේවා යන්නයි.

මෙවැනි පසුබිමක පරිසරවේදියෙකු වන නයනක රන්වැල්ල මහතා විසින් භාතිය හස්තියාගේ මරණයට තුඩු දුන් හේතු කාරණා පිළිබඳ තීරණාත්මක කරුණු හෙළිදරව් කිරීමක් සිදු කොට තිබේ.

හස්තියා එසවූ ආකාරය වැරදි බව මෙන්ම, අනවශ්‍ය අවස්ථාවක හස්තියා ඔසවා සිතුවීම තුළින් තත්වය වඩාත් අයහපත් අතට හැරුණු ආකාරය ඔහු පෙන්වා දෙයි.

එසේම, හස්තියාට ප්‍රතිකාර සිදු කිරීමේදී බලධාරීන් අතින් සිදු වූ වැරදි ක්‍රියාකාරකම් ගැන ඔහු විවේචනාත්මක කරුණු දැක්වීමක් සිදු කොට තිබේ.

භාතිය, ඔබට නිවන් සුව!

පරිසරවේදී නයනක රන්වැල්ල මහතාගේ කරුණු දැක්වීම ඇතුළත් සම්පූර්ණ වීඩියෝව පහතින් ඔබට නැරඹිය හැකිය.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s