ඝාතන චෝදනාවක් විසි වේ – ජනක බණ්ඩාර නිදහස්!

හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් විසින් 1999 වසරේ සිදු කරනු ලදැයි පැවසෙන මනුෂ්‍ය ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබූ අධිචෝදනා පත්‍රයක් නීතියට පටහැනි යැයි තීන්දු කළ අභියාචනාධිකරණය එය බල රහිත කරමින් අද (20) රිට් ආඥාවක් නිකුත් කළා.

ඒ එම අධිචෝදනා පත්‍රය අහෝසි කරන්නැයි ඉල්ලා හිටපි අමාත්‍යවරයා විසින් ගොනු කළ රිට් පෙත්සමකට අදාල තීන්දු ලබා දෙමින්.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසිනුයි මෙම නියෝගය නිකුත් කෙරුණේ.

1999 වසරේ මහවෙල ප්‍රදේශයේ ඇති වූ මිනීමැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 2015 වසරේ දී බලයට පත් යහපාලන රජය විසින් තමන්ට එරෙහිව මහනුවර මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍රයක් ගොනු කළ
මෙම අධිචෝදනා පත්‍රය නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් එය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් හිටපු අමාත්‍යවරයා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

කරුණු විමසා බැලූ විනිසුරු මඩුල්ල තූන්තු කළේ පෙත්සම්කරුට එරෙහිව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය පවත්වා තිබෙන ලඝු නොවන නඩු විභාගය නීත්‍යානුකූල නොවන බවයි.

විත්තිකරුගේ සහභාගිත්වයකින් තොරව මෙම ලඝු නොවන නඩු විභාගය එක් දිනකින් අවසන් කර තිබෙන බව පෙන්වා දුන් සභාපති විනිසුරුවරයා එය නීතියට පටහැනි බවයි කියා සිටියේ.

ඒ අනුව ලඝු නොවන නඩු විභාගයේ නිර්දේශ පදනම් කරගනිමින් නීතිපතිවරයා විසින් පෙත්සම්කරුට එරෙහිව මහනුවර මහාධිකරණයේ ගොනු කර තිබෙන අධි චෝදනා පත්‍රය ද නීතියට පටහැනි වන බවයි සභාපති විනිසුරුවරයා සඳහන් කර සිටියා.

එහෙයින් අදාළ නීතිවිරෝධී අධිචෝදනා පත්‍රය තවදුරටත් පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බවට පෙන්වා දුන් අධිකරණය, ඒ අනුව එය බල රහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කරන බවද ප්‍රකාශ කළා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s