මොරටුවේ හොර සල්ලි – කතක් පොලිස් දැලේ!

මොරටුව ප්‍රදේශයෙන් ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ ස්ථානයක් සොයාගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.

මෙසේ ව්‍යාජ මුදල් තිප්පොලක් සොයාගනු ලැබුවේ, ඊයේ (14) සවස් කාලයේදී මොරටුව නගරයේදී ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට මොරටුව පොලිසිය සමත්වීමත් සමගයි.

ව්‍යාජ රුපියල් පන්දහසේ නෝට්ටු 10ක් සමග අත් අඩංගුවට පත් වූ කාන්තාවගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වලදී මෙම හොර නෝට්ටු මුද්‍රණාලය පිළිබඳව අනාවරණය වුණා.

පොලිසිය විසින් අනාවරණය කර ගත්තේ මෙම මුදල් මුද්‍රණය කොට ඇත්තේ අන් ස්ථානයක් නොව සැකකාරියගේම නිවසේදී බවයි.

ඒ අනුව සැකකාරියගේ නිවස වැටලූ පොලිසියට ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සඳහා යොදාගත් මුද්‍රණ යන්ත්‍රයක් හා හොර නෝට්ටු තොගයක් හමුව තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ, 52 හැවිරිදි රාවතාවත්ත, මොරටුව ප්‍රදේශයේ පදිංචිකාරියක්.

මොරටුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරගෙන යනු ලබනවා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s