ඉෂාරා සෙව්වන්දිගේ මව ජීවිතක්ෂයට

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දිගේ මව මියගොස් ඇති බවට වාර්තා වනවා.

ඇය මියගොස් ඇත්තේ පසුගිය 11 වැනිදා බවයි වාර්තා වන්නේ.

මෙම පුවත මෙතෙක් මාධ්‍යයට නිකුත් වී නොමැති අතර, අද දිනයේ ජාතික මාධ්‍යයකට අයත් ප්‍රධාන වෙබ් අඩවියක් මගින් මීට සුළු මොහොතකට පෙර මෙම පුවත මුලින්ම වාර්තා කොට තිබුණා.

ඇය මියගොස් ඇත්තේ හෘදයාබාධයක් හේතුවෙන් බවයි පැවසෙන්නේ.

ගනේමුල්ලේ සංජීව ඝාතන කුමන්ත්‍රණයට ආධාර සහ අනුබල දීමේ චෝදනා මත පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද ඉෂාරා සෙව්වන්දිගේ මව සහ සොහොයුරා රක්ෂිත බන්ධවාගාරගතවයි සිටින්නේ.

ඒ අනුව මෙම මරණය සිදුව ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේදී බවයි පුවත් මූලාශ්‍ර වැඩිදුරටත් සඳහන් කොට සිටින්නේ.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s