යළිත් වෙඩිතැබීමක් – කොස්ගොඩ රත්වෙයි!

යළිත් වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.

මෙම වෙඩිතැබීම සිදුව තිබෙන්නේ අද (11) සවස් කාලයේයි.

කොස්ගොඩ පොලිස් වසමේ, හතරමංහන්දිය ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකොට පළා ගොස් තිබෙනවා.

පොලිසිය පවසන්නේ ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කොට ගනිමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා බලපිටිය මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

රෝහල් ආරංචි මාර්ග පවසන්නේ තුවාලකරු වයස අවුරුදු 24ක් වූ කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.

තුවාලකරු ත්‍රී රෝද රථයේ රියදුරු වන අතර වෙඩි තැබීමට හේතුව හෝ වෙඩි තැබූ පුද්ගලයින් පිළිබඳව මෙතෙක් තොරතුරු කිසිවක් අනාවරණය වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක කොට සැකකරුවන් අත්අඩංගුවට ගන්නා බව කොස්ගොඩ පොලිසිය කියා සිටිනවා.