
හැටන් ජාතික ජල සම්පාදන සහ ජල ප්‍රවාහන මණ්ඩලයට ජලය ලබා ගන්නා හැටන් සිංගිමලේ ජලාශයෙන් ජලය ලබා ගැනීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
ඉකුත් 8 වනදා පාසල් සිසුවෙකු ජලාශයට වැටී ජීවිතක්ෂයට පත්වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි තිළිණි මහත්මිය ඇතුළු හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා එම ජලාශයෙ ජලය පානය සඳහා ලබාගැනීම සුදුසුද යන්න පිළිබදව සොයා බැලීමට නිරික්ෂණ චාරිකාවකට එක් වූ අවස්ථාවේ ලාල් විජේනායක මහතා පවසා තිබෙනවා.
මේ වනවිට එම ජලාශයේ ජල සාම්පලයක් ලබාගෙන ජල සම්පාදන මණ්ඩලයේ රසායනාගාරය වෙත යොමුකර ඇති අතර එම වාර්ථාව ලැබීමෙන් පසු ජල සම්පාදන මණ්ඩලයේ උසස් නිලධාරින්ගේ උපදෙස් මත ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව ඇති බව සඳහන්.
කෙසේ වෙතත් මේ වනවිට හැටන් දික්ඔය ඉන්වේරි ජල මූලාශ්‍රයෙන් ජලය ලබා ගෙන පිරිපහදු කර පාරිභෝගිකයන්ට පිරිසිදු පානීය ජලය සීමාකර නිකුත් කෙරෙනවා.
පාසල් සිසුන් 06 දෙනෙකු සිංගිමලේ රක්ෂිතයේ ඡායාරූප ගැනීමට ගොස් ජලාශ වේල්ල මතින්ආපසු නිවස කරා එන අතරතුර ජලාශයෙන් පය සේදීමට උත්සහ කල සිසුවෙකු ජලාශයට වැටී අතුරුදහන්ව සිටියදී, නාවික හමුදාවේ කිමිදුම්කරුවන් විසින් ඊයේ (09) එම සිසුවාගේ සිරුර ගොඩගනු ලැබුවා.