පල්ලෙකැලේ ටිකට් අවසන් – තරගයට තව සුළු මොහොතයි

අද (10) දිනයේ පැවැත්වීමට නියමිත සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු 20-20 තරගයේ ප්‍රවේශපත්‍ර සියල්ල අලෙවි වී අවසන් බවයි වාර්තා වන්නේ.

මේ බව නිවේදනය කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජනතාවට දැනුම් දී තිබෙන්නේ තවදුරටත් ප්‍රවේශපත්‍ර අලෙවි කුටි වෙත පැමිණීමෙන් වළකින ලෙසටයි.

ප්‍රවේශපත්‍ර හිමි පිරිසට ක්‍රීඩාංගණයට ඇතුළුවීම සඳහා අද පස්වරු 5.00 සිට ගේට්ටු විවෘත කෙරුණා.

පළමු තරගය තව සුළු මොහොතකින් එනම්, අද සවස 7.00ට මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.