
ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා, කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත දේපළ කළමනාකරණ හා සංවර්ධන සමාගමක් වන EAST WEST PROPERTIES PLC හි හිමිකාරීත්වය අත්පත් කොටගෙන තිබේ.
රුපියල් බිලියන 3.2 කට වඩා වටිනා ගනුදෙනුවක් හරහා, අදාල සමාගමේ කොටස් ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධනයෙන් 77.40% ක ප්‍රමාණයක් මිලදී ගනිමින් ඔහු මේ අත්පත්කරගැනීම සිදු කොට ඇතැයි වාර්තා වේ.
මෙම සමාගම සතුව ගුවන් විදුලි සහ රූපවාහිනී විකාශන මධ්‍යස්ථාන හිමිකාරීත්වය දරණ ජනමාධ්‍ය සමාගමක්ද ඇත.
මෙම මිලදී ගැනීම හරහා එම සමාගමේ හිමිකාරීත්වයද ධම්මික පෙරේරාට හිමිවේ.
මෙම සමාගමේ ප්‍රධාන ව්‍යාපාරය වන්නේ දේපළ වෙළඳාම්, සංවර්ධනය සහ කළමනාකරණයයි.
එසේම, මෙම සමාගමේ ප්‍රාථමික වත්කම් අතර පෑලියගොඩ ගබඩා සංකීර්ණයක් සහ කොළඹ 03 හි කාර්යාල කුලියට දෙන ස්ථානද ඇතුළත් වන බව වාර්තා වේ.