
ඉදිරියේදී රට පුරා සුපෝෂ අලෙවිසැල් 100ක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව ත්‍රිපෝෂ ලිමිටඩ් සමාගම පවසයි.
එහි මූලික අදියර ලෙස ජා-ඇළ කපුවත්ත සුපෝෂ අලෙවිසැලෙහි එම නිෂ්පාදනය දැනටමත් අලෙවි කිරීමට කටයුතු කර තිබේ.
සමාගමේ කටයුතු පවත්වාගෙන යෑමට අවශ්‍ය බඩඉරිඟු සපයා ගැනීම සඳහා ඍජු සහ විනිවිදභාවයෙන් යුතුව තීරණ ගෙන සැපයුම් යථාවත් කර ඇති බවත් ත්‍රිපෝෂ සමාගමේ යන්ත්‍රසූත්‍ර පූර්ණ ධාරිතාවයෙන් පැය 24 පුරා ක්‍රියාත්මක අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ පිරිවිතරයන්ට අනුව අදාල ප්‍රතිලාභීන්ට වෙත දිවයින පුරා බෙදාහැරීමේ කටයුතුද සියලු බාධාවකින් තොරව සිදුවන බවද ත්‍රිපෝෂ සමාගම තහවුරු කරයි.
යන්ත්‍ර සූත්‍ර උපරිමයෙන් ක්‍රියාත්මක වීම මත අතිරික්ත නිෂ්පාදන වෙළදපොළ උදෙසා සුපෝෂ නිෂ්පාදනය දිවයින පුරා බෙදා හැරීමට කටයුතු කර ඇත.
සුපෝෂ මූලික අමුද්‍රව්‍ය ලෙස ලෙස භාවිත කරමින් නිපදවන සුපෝෂ කැලරි බාර් නිෂ්පාදනය අමුද්‍රව්‍යක් ලෙස යොදා විවිධ රසයෙන් යුතු කප්කේක් නිපදවීමටද කටයුතු යොදා ඇති බවද සමාගම දන්වා සිටියි.