
ජයවර්ධනපුර විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් විසින් ඔවුන්ට ලද තොරතුරකට අනුව මාලිගාවත්ත නිවසක් වටලා අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන මත්ද්‍රව්‍ය පානය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව මාලිගාවත්ත පොලිසිය ප්‍රකාශ කර සිටී.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස්පති විශේෂ මෙහෙයුම් රථ වාහන මූලස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකු වන අතර සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 590 ක් පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු මාලිගාවත්ත පොලිසිය වෙත භාරදීමෙන් අනතුරුව ඔහු අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කළ බව පොලිසිය පවසා සිටී.