“මං සමාව ගත්තේ විජේදාසගෙන් නෙමෙයි” – නඩු තීන්දුව ගැන චමුදිත කට අරී

හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් තමාට එරෙහිව පවරන ලද නඩුව ඔහුට අපහාස කිරීමක් සම්බන්ධයෙන් වූ චෝදනාවක් නොවන බවත්, ඇත්තවශයෙන්ම එම නඩුව හිටපු ඇමතිවරයා විසින් පවරනු ලැබුවේ තමා විසින් කරන ලද ප්‍රකාශයකින් අධිකරණයට සිදු වූ බව පැවසෙන අපහාසයක් සම්බන්ධයෙන් බවටත් පවසමින් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම පාර්ශ්වයෙන් ප්‍රකාශයක් නිකුත් කොට තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වන පුවත මාධ්‍ය විසින් විකෘති කොට පළ කර ඇතැයිද, ඇත්තවශයෙන්ම චමුදිත සමරවික්‍රම විසින් සමාව අයැද සිටිනු ලැබුවේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පමණක් බවද දන්වමින් ඔහුගේ නීති අංශය විසින් මෙම ප්‍රකාශය නිකුත් කොට තිබෙනවා.

එම අදාල නිවේදනය පහතින්.

පෙර පුවත