
ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන, මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින නඳුන් චින්තක හෙවත් “හරක් කටා” චිකුන්ගුන්යා රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
තමාට පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබා ගැනීමට අවසර ලබාදෙන ලෙසට හරක් කටා විසින් ආරක්ෂක නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇති නමුත් බලධාරීන් විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ඔහු මේ වනවිට පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ පොලිසියේ දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ කොළඹ ජාතික රෝහලේ 37 වන වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.
ආරක්ෂක හේතූන් මත එම වාට්ටුව සම්පූර්ණයෙන්ම ඔහු වෙනුවෙන් වෙන් කර ඇති අතර, වෙනත් කිසිදු රෝගියෙකු එහි නේවාසිකව නොසිටින බවටත් වැඩිදුරටත් වාර්තා වනවා.