බටුවත්තේ වෙඩිතැබීමක් – ලුනුවිලෙන් මළසිරුරක් මතුවෙයි!

ලුණුවිල ප්‍රදේශයේදී පිරිමි පුද්ගලයෙකුගේ මළසිරුරක් සොයාගෙන තිබේ.

මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගනිමින් සිටින බවට පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර සිටී.

මේ අතර ඊයේ රාත්‍රී රාගම බටුවත්ත ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මියගොස් තිබේ.

බටුවත්ත ග්‍රාම සංවර්ධන මාවතේ නිවසක සිටි පුද්ගලයෙකු ඉලක්කර කරගනිමින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර, ත්‍රීරෝද රථයකින් පැමිණි දෙදෙනෙකු විසින් පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබේ.

මෙම වෙඩිතැබීමෙන් ඝාතනයට ලක්ව ඇත්තේ ගණේමුල්ල සංජීවගේ සමීපතමයෙකු වන “ආමි උපුල්” නම් පුද්ගලයෙකු බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කොට සිටී.

මියගිය තැනැත්ත 45 හැවිරිදි බටුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු හිටපු යුද හමුදා සෙබළෙකු බවද පැවසෙයි.