
” හලෝ….ඕ..ඕ…..ඕ….නංගී..”
” හලෝ ……..අක්කේ…ඒ…ඒ…ඒ…
කොහෙද ඉස්පාසුවක්
කෝල් එකක්වත් දෙන්න
සොරි අනේ…
ඉන්ඩකො චුට්ටක්
????????
ඉතින් කියන්ඩකො අලුත් තොරතුරු
මං මේ පොඩි වැඩක් කරන ගමන්
ටක්…..ටක්…..ටක්…..ටක්…..”
වම් උරහිසට තද කරන්
දූරකථනය
දකුණ’තින් කපන හැටි එළවළු
මැවුණා චිත්ත රූපයක්
අපූරුවට
පැන්ෂන් ගත්තට පස්සෙවත්
පුළුවන් වෙයි ඉන්න
සැහැල්ලුවෙන්
විවේකයෙන්
ප්‍රාර්ථනා කළේ එහෙම
අපි හැමෝම…..
ඒ වුණාට
ජීවන ගඟ ගලන්නේ
අමුතු ම අමුතු තාලෙකට
මුව දොර පෙනි පෙනී
ගල්පර බාධා එමට යි
ගඟක් ලස්සන වෙන්නෙ
බාධා මැඩ ගෙන
ගලා යන තරමටලු නෙ….
” අත්තම්මෙ….අත්තම්මෙ……
හෝම් වර්ක් ටික ඉවරයි
තව ටිකකින්
යන්න තියෙනවනෙ අපිට
ඩාන්සින් ක්ලාස්
ඇයි ?
තව ඔය කෝල් එකේ …..”
” එහෙනං තියන්නම් අක්කෙ “
ටක්…..ටක්….ටක්….ටකස්….
අ…අ…..අ….අ….ම්…මේ….
කුසුම් පැළවත්ත
විශ්‍රාමික නි.විදුහල්පතිනි