මිරිස්කුඩු ගසා මංකොල්ල කන පවුලක්! ස්කූටර් පදින කාන්තාවන් ප්‍රවේශමෙන්!

කාන්තාවන්ගේ දෑස්වලට මිරිස් කුඩු ගසා කොල්ලකමින් සිටි එකම පවුලේ තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

යතුරුපැදිවල තනිවම යන කාන්තාවන්ගේ ඇස්වලට මිරිස් කුඩු ගසා ඔවුන් සතු රන් ආභරණ කොල්ලකෑම මොවුන් සිදුකර ඇති අතර ඊට සම්බන්ධ බව කියන මව පියා සහ පුත්‍රයා අත්අඩංගුවට ගත් බව මහව පොලිසිය පවසා සිටී.

යතුරු පැදියක යමින් සිටියදී වාරියපොළ, පාදෙණිය ප්‍රදේශයේදී මව හා පුතා අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී පලාගිය පියා දළදාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කර සිටී.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 33 හැවිරිදි මවක, 15 හැවිරිදි පුතු සහ 22 වියේ පසුවන මවගේ දෙවන විවාහයේ සැමියාද වන අතර අත්අඩංගුවට ගත් මව පස් මස් ගැබිනියක් බවද සඳහන් වේ.