
මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා විසින් සිය බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අරබයා මහනායක හිමියන්ගෙන් කරන ලදැයි කියන ඉල්ලීම සම්බන්ධ පුවත ඉකුත් දින කිහිපයේ රට පුරා ඉමහත් ආන්දෝලනයක් මැවීය.
පසුව සිද්ධියට ඈඳුණු පාර්ශ්ව වෙතින් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයන් නිකුත් කෙරුණු අතර, එම ප්රකාශයන්ගෙන් කියැවුණේ ප්‍රශ්නගත පුවත අසත්‍යයක් බවයි.
මේ සම්බන්ධයෙන් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම්ද අදහස් පළ කළ අතර අද දින පොහොට්ටු ආධාරකරුවන් පිරිසක් විසින්, මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ශණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදු කොට තිබුනි.
එම අවස්ථාව ආවරණය කිරීමට ගිය මාධ්‍ය අමතමින් ඔවුන් කියා සිටියේ මෙම සාවද්‍ය පුවත ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිර්මාණයක් බවයි.
එම ආන්දෝලනාත්මක ප්‍රකාශය ඇතුළත් වීඩියෝව පහතින් නරඹන්න.