
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය ජූනි මාසය අවසන් වන විට ඉහළ ගොස් ඇති බවට ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ඒ, 2025 මැයි මාසයේ වාර්තා වූ -0.7% සිට -0.6%ක අගයක් දක්වාය.
වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, ආහාර කාණ්ඩයේ උද්ධමනය 2025 ජුනි මාසයේ දී 4.3% ක් දක්වා අඩු වී ඇති අතර 2025 මැයි මාසයේ දී එය වාර්තා වූයේ 5.2%ක් ලෙසටයි.
එමෙන්ම ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2025 ජුනි මාසයේ දී -2.8%ක් දක්වා වැඩි වී ඇති අතර එය 2025 මැයි මාසයේ දී -3.3%ක් ලෙස වාර්තා වී තිබේ.