
රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් කෘත්‍රීම බුද්ධිය යොදා ගත හැකි ආකාරය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරින් දැනුවත් කිරීමේ වැඩමුළුවක් අධ්‍යාපන අමාත්‍යාංශයේදී පවත්වන ලදි.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළෙහි ආරම්භක ප්‍රවේශයක් ලෙස නිලධාරීන් දැනුවත් කිරීම හා සුදානම් කිරීමත්, කෘත්‍රිම බුද්ධිය පිළිබඳව රාජ්‍ය සේවය තුළ ධනාත්මක ආකල්පයක් ඇති කිරීමත් මෙහි අරමුණ බවයි.
මෙම අවස්ථාවට එක් වෙමින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමානායක මහතා සඳහන් කර ඇත්තේ කෘත්‍රීම බුද්ධිය භාවිතය මගින් කාලීන වටිනාකමක් සහිතව අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවිය හැකි බවයි.
මෙහිදී ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා අධ්‍යාපන අමාත්‍යාංශය තුළ කෘත්‍රීම බුද්ධිය භාවිතයට ගත හැකි ආකාරය සහ ඒ වෙනුවෙන් සැලසුම් කර ඇති තාක්ෂණික වෙනස්කම් පිළිබඳ දේශනයක් සිදුකර තිබේ.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටි බව වාර්තා වේ.