
” ලුම්බිණියේ සල් උයනේ
ලස්සන සල් මල් පිපුණා
මහමායා මව් කුසයෙන්
වෙසක් පෝයදා
සිදුහත් කුමරු උපන්නා “
අපේ පුංචි මුණුබුරා
කවි පාඩම් කරනා හඬ
නියම තාලයට
නිවස පුරා නින්නාද වෙයි .
එහෙත්….
එක්වර ම …
නිවස ගිල ගත් නිහැඩියාවක්
නිමේෂයකට…
” අම්මෙ….අම්මෙ….මේ අහන්න
ලුම්බිණියේ සල් උයනේ
සල් මල් පිපිලා තිබුණලු
මහමායා එහෙ ගියාලු
සිදුහත් කුමරා උපන්නලු
උපන්නා….උපන්නා….
මොකක්ද ඒකේ තේරුම……
මං ගෙනාවෙ රෝස කැලෙන්
කියල නේ ද අම්ම කීවෙ
එහෙනං මං උපන්නෙ
රෝස කැලේ නේ ද අම්මෙ….
එතකොට…..
සල් උයන්වලත් .
බබාලා ඉන්නවා එහෙනං “
කුසුම් පැලවත්ත
විශ්රාමික නි .විදුහල්පතිනි