තරුණියකගේ කකුල් වීඩියෝ කළ තරුණයා වසර දෙකක් හිරේ

බොරැල්ල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක ගමන් කරමින් සිටි තරුණියකගේ කකුල් ජංගම දුරකථනයකින් රූගත කළ බවට වරද පිළිගත් තරුණයෙකුට වසර 20කට අත්හිටවූ බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවමක් නියම කර තිබේ.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල විත්තිකරුට රුපියල් 1,500ක දඩයක්ද නියම කළ අතර වින්දිතයාට වන්දි වශයෙන් රුපියල් 50,000ක් ගෙවන ලෙසද නියෝග කර ඇති අතර අදාල වන්දිය නොගෙවන්නේ නම් අමතර මාස 6ක සිරදඬුවම් නියම කරන බවද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.මෙම සිදුවීම පසුගිය වසරේ සිදුව තිබු අතර,පොලිසිය අධිකරණයෙන් ඉල්ලා තිබුණේ මෙවැනි හිරිහැර කිරීම්වල නිරතවන්නන් එවැනි හිරිහැර වලින් වැළැක්වීමේ දැඩි දඬුවමක් අදාල පුද්ගලයාට ලබාදෙන ලෙසයි.