
ඇල්ල සංචාරක පුරවරයේ ඇල්ල පොලිසිය පිටුපසින් පිහිටි වනසංරක්ෂන දෙපාර්තමේන්තුවට අයත් වන වගාවට කිසියම් පුද්ගලයෙකු විසින් ගිනි තබා ඇති බව වාර්තාවේ.
පවතින අධික වියලි ස්වභාවය නිසා හා සුලං තත්වය නිසා ගින්න සීග්‍රයෙන් පැතිරෙමින් පවතින අතර ගින්න නිසා විශාල ප්‍රදේශයත් මේවන විටත් ගිනි ගනිමින් පවතින බව වාර්තාවේ.
වන සංරක්ෂන නිළධාරින්ට පමනක් ගින්න පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා දියතලාව කහගොල්ල යුධ හමුදා කදවුරේ නිළධාරින් හා සෙබලුන් ගින්න පාලනය කිරීම සදහා මේ වන විට යොදවා ඇති අතර තත්ත්වය පාලනය කිරීමට බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය ද සම්බන්ධ වී තිබේ.
අසල සංචාරක හෝටලයක කුණුවලකට එහි සේවකයෙකු විසින් ගිනි තබා ඇති අතර ඒ පිලිබදව අවධානයෙන් නොසිටීම නිසා අසල මානා පදුරුවලට ගින්න ඇවිලි වේගයෙන් පැතිර තිබෙන බව මුලික පොලිස් පරීක්ෂන වලින් හෙළි වී තිබේ.
ගිනි තැබු පුද්ගලයා ඇල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර හෙට දිනයේදී බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපති කිරීමට නියමිතයි.