ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

18

ඊශ්‍රායලයේ ටෙල්අවිව් Beersheba රෝහලේ සේවය කරමින් සිටි ශ්‍රී ලංකාවේ සාත්තු සේවිකාවකට ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයකින් තුවාල සිදුව ඇති බව වාර්තා වේ.

ඉරෝශිකා චතුරංගනී නම් කාන්තාවක් එලෙස තුවාල ලබා ඇති බවත්, ඇයට අවශ්‍ය ප්‍රතිකාර මේ වන විට ලබාදෙන අතර ඒ පිළිබඳ සොයා බැලීමට තානාපති කාර්යාලයේ කණ්ඩායමක් ඉක්මනින් පිටත් කර හැරීමට කටයුතු කළ බවත් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.